Friday, March 21, 2008

පිටිපන ග්‍රාමය
සිරිලක පාස්කු ඉතිහාසය හා නාඩගම් කලාවෙන් පෝෂණය වූ පිටිපන පාස්කු නාට්‍ය

ජනවන්දනාවක් වශයෙන් යුරෝපයේ බිහිවී ඇති පාස්කු නාට්‍ය අදවන විට මුළු ලොවෙහිම ප‍්‍රසිද්ධියට පත්වී ඇත. පෘතුගාලය, බෙලිජියම, ඉතාලිය, මෙක්ෂිකෝව, ෆිලිපීනය, ස්පාඤ්ඤය ආදී රටවල් ගණනාවකම ප‍්‍රසිද්ධියට පත් පාස්කු නාට්‍ය කලාව ලොව පුරා මහත් ප‍්‍රසිද්ධියක් උසුලයි. ජර්මනියේ
‘ ඔබර් අමර්ගෝ ’ හී පාස්කුව නිසා පාස්කුව ලොව පුරා ප‍්‍රචලිතව පවතී. ශ‍්‍රී ලංකාවේ පාස්කු නාට්‍ය 1706 දී පමණ කටුගස්තොට ශා. අන්තෝනි දෙව්මැදුරෙන් ආරම්භව මන්නාරම් ප‍්‍රදේශයෙන් ලංකාව පුරා ප‍්‍රසිද්ධ විය. අද දක්වා බටහිර මුහුදු බඩ ප‍්‍රදේශවල මෙම පාස්කු නාට්‍ය රඟ දක්වයි. ලංකාවේ ප‍්‍රසිද්ධ බොරලැස්සේ ලොරන්ස් පෙරේරා නම් නිර්මාණකරුවා විසින් කරන ලද පාස්කු නාට්‍යය 1923 දී පමණ ආරම්භව 1938 දක්වා ලංකාවේ ප‍්‍රසිද්ධම පාස්කු නාට්‍ය විය. පිටිපන පාස්කුව 1738 දී පමණ ආරම්භ වී ඇත. ජාකෝමේ ගොන්සාල්වෙස් පියතුමන් විසින් රචිත දුක්ප‍්‍රාප්ති සංග‍්‍රහය නම් දේශනා නවයේ පසන් පොත මුල්කරගෙන රූකඩ ආශ‍්‍රිත පාස්කුවක් පිටිපන ‘නයිදප්පු ’ පරම්පරාවෙන් ආරම්භ වී ඇත. මුල් වකවානුවේදී ආදම් එ්වගේ සිට පාස්කු හතක් පෙන්වූ බව කියැවේ. ‘ගොග් ඉරිදා’ සිට මලවුන්ගෙන් උත්ථානවීම සමරන ‘පෙරනාල් ඉරිදා’ දක්වා මේ පාස්කුව පෙන්වන ලදී. මු`ඵ පාස්කුවම රූකඩ හා සුරුවම් ආශ‍්‍රිතව කරන ලදී. මෙම පාස්කු හතේ දී විශේෂිතම දේ නම් ආලේලූයියා සෙනසුරාදා රාත‍්‍රි පෙන්වා ඇති යක් නාඩගමයි. එය සම්පූර්ණයෙන්ම මිනිසුන් යොදාගෙන කළ යෝබ් තුමාගේ ජීවිත කථාව හා ජේසුස්ගේ මරණය නිසා පාතාලයේ ඇතිවූ කැළඹීම පිළිබිඹු කිරීම සඳහා කළ නාඩගමකි. පිටිපන පාස්කු නාට්‍යය ඉදිරිපත් කිරීම සඳහා රූකඩ 42 ක් සහා ජේසුස් වහන්සේගේ විවිධ ඉරියව් නිරූපනය කෙරෙන සුරුවම් හතක් තිබී ඇත.
1958 දී රූකඩ හා සුරුවම් උපයෝගී කරගනිමින් නයිදප්පුලාගේ තෝමස් ප‍්‍රනාන්දු පාස්කුව පෙන්වා ඇත. දේශනා කාරයා නම් ( අද පොතේ ගුරා ලෙස හඳුන්වන * දේශනය ගායනා කරන විට අදාළ රූකඩ හා සුරුවම් කරළියට ගෙන එමින් මෙම පාස්කුව ඉදිරිපත් කර ඇත.
1964 දී පමණ සලමන් ප‍්‍රනාන්දු විසින් ලියන ලද පාස්කු නාට්‍යය පිටපතක් මුල්කරගෙන මීගමුව නගර සභා ශාලාවේ දී මිනිසුන් යොදවා පාස්කු නාට්‍යය රඟ දක්වා ඇත. එම නාට්‍ය සඳහා ගීත ලියා ඇත්තේ එතල් ලියනගේ නම් පාඨශාලා ආචාරිණියයි. සංගීතය සපයා ඇත්තේ සිටැන්ලි මාස්ටර් නම් කළාකරුවා විසිනි. රූකඩ පාස්කුවට නව මුහුණුවරක් දුන් එම පාස්කුවේ ජේසුස් චරිතය නිරූපනය කර ඇත්තේ ප‍්‍රරන්සිස්කු නම් කෙනෙකි. එහි ජුදාස් චරිතය මනමේ නම් තරුණයෙකු විසින් ඉදිරිපත් කළ අතර දේව මාතා චරිත හා සෙසු ස්ත‍්‍රී චරිත පිරිමි අය විසින්ම ඉදිරිපත් කර ඇත. එය මු`ඵමනින්ම භක්තිය උපදවන පාස්කු නාට්‍යයක් වී ඇත.
පිටිපන පාස්කු නාට්‍යය උරුම වී තිබුණේ නයිදප්පු පරම්පරාවටය. එය වෙනස් මඟකට ගැනීම හා හොඳ නිර්මාණකරුවන්ට ඉදිරියට එ්මේ අවස්ථාවක් ලෙසත් පාරම්පරික පාස්කුව සාම්ප‍්‍රදායීක පාස්කුවක් කිරීමත් අතරට ‘‘ ස්වාමිදරුවාණෝ ’’ 1979 දී පිටිපන පාස්කු නාට්‍ය කරළියට එක් කළේ පිළීෂියන් ප‍්‍රනාන්දු ගුරුතුමා විසිනි. පිටිපන පාස්කුවට අමතරව බොහෝ නාඩගම් පිටිපනට උරුම වී ඇත. නාඩගම්කරුවන් අතර ඬේවිඞ් සුබෙයිදා ද විය. ඔහු 1964 පාස්කුවේ
දේශණාකාරයා ලෙස කරළියට එක්විය. සවරියෙල් ගුරුතුමා, කොරනේලිස් ගුරුතුමා, නමින් ප‍්‍රසිද්ධ අදත් මතකයේ රැුඳි නාඩගම්කරුවන් පිටිපනට උරුමවී සිටියේය. 1979 පාස්කුව නාඩගම් ශෛලිය උපයෝගී කර ගැනීමත් සමඟ මෙම කළාකරුවන් සිහි කිරීමද වටී. 1979 ආරම්භ වූ ස්වාමිදරුවාණෝ පාස්කු නාට්‍යය නාඩගම් සම්ප‍්‍රදායානුකූලව ඉදිරිපත් විය. එය මුලින්ම කරළියට ගෙන ආවේ විප්ලවීය පාස්කු නාට්‍යයක් ලෙස ය. මේ තුළින් ක‍්‍රිස්තුස්වහන්සේගේ උත්තරීතර මනුෂ්‍යත්වයත් එවකට සමාජය තුළ වූ දිළිඳු බව හා වහල් බවින් මුදවා ගැනීමට කෙරෙන අරගලයත් නායක පූජකයින්ගේ කුරිරු පාලනයත් මැනවින් පිළිබිඹු වන අතර නිතර බලයේ රැුඳී සිටීමට වෙර දරන පිලාත් තුළින් නිවට නියාලූ පාලකයෙකු නිර්මාණය වීමත් තම ගුරු ස්වාමින් පාවා දුන් ජුදාස් දෙස වුවද අනුකම්පාවෙන් හා මානව දයාව පෙර දැරිකර බැලීමත් වැනි කරුණු මෙහි අඩංගු විය.
මද්දලය, බෙරය උපයෝගීකරගත් පාස්කුවට උරුම වූ බටහිර සංගීතය ඈත්කර දේශීය සංගීතයට මුල්තැන දීමත් උදාර ගැමි කලාවක් වූ නාඩගම් සම්ප‍්‍රදායත් ගැබ්කර ගැනීමත් තුළින් ස්වාමිදරුවාණෝ නිර්මාණය විය. එම පාස්කුවේ එන දේවමාතා වැළපීම ලියා ඇත්තේ පිටිපන මා. ජයවීර නම් කලාකරුවා විසිනි. ඇසුවන් සවන් පත් වලට මුසුව හද කකියවන එම වැළපිල්ල ගායනා කරන්නේ මැගිලින් නොහොත් යමුනා කුමාරි නමින් පිටිපන ප‍්‍රසිද්ධ පසන් ගායනයෙන් නමක් තබා ඇති කලාකාරිය විසිනි. ඇයද නාඩගම් ඉතිහාසයේ පුරුකකි.
ස්වාමිදරුවාණෝ 1988 දී පිටිපන පාස්කු ඉතිහාසයේ 25 වෙනි ජයන්තිය සැමරීය. 1995 දී චිත‍්‍රපට සංස්ථාව හා කතෝලික මාධ්‍ය පර්ෂධය හා එක්ව එය චිත‍්‍රපටයක් බවට පත් කළාය. 1995 දී පිටිපන පාස්කු මන්ඩපයේදී පිළිෂියන් ගුරුතුමාගේ ගෝලයකු වන සිසිර ජයශාන්ත මෙය අධ්‍යක්ෂණය කළේ පිළිෂියන් ගුරුතුමාගේ මඟපෙන්වීම මතය. 1995 දී ශා. පීතර ව්ද්‍යාලයේ විමුක්තියේ කථාව නමින් දින 7 ක් ද හලාවතේ සුදසුනේ ස්වාමිදරුවාණෝ නමින් 1988 දී ද. 1997 දී රුක්මණීදේවී ශාලෙවේදීද ස්වාමිදරුවාණෝ නමින් නිහාල් පීරිස් කලා කරුවා ක‍්‍රිස්තු චරිතයට යොදවා ගනිමින්ද රඟ දක්වා ඇත. 2007 වසරේදීද වෙනස් කම් කිහිපයක් කරමින් සිසිර ජයශාන්තගේ අධ්‍යක්ෂණයෙන් සීදූවේදී ඉදිරිපත් කෙරිණ. කතෝලික ධර්මය ශ‍්‍රී ලංකාවේ පැතිර යමින් තිබූ යුගයක ( 1742 * දී පාස්කු නාට්‍ය කළාවද ප‍්‍රචලිතව තිබිණ. එම වකවානුවේ ලන්දේසින් විසින් කතෝලිකයින්ට හිරිහැර කළ අවස්ථාවක පළඟතුරේ, පල්ලන්සේන කොච්චිකඬේ කතෝලික ජනතාව පිහිට පතා ඇවිත් ඇත්තේ ද පිටිපනටය.
පීටර් පිල්ලේ විසින් ලංදේසි ආන්ඩුකාරවරයාට ලියූ ලිපියක්ද ඉතිහාසයේ කියැවේ.
ජේසුස් වහන්සේගේ ගවලේනේ සිට ගල්ලෙන දක්වා වූ මෙම පාස්කු නාට්‍යය 72 ක් බිහිවී ඇත. දැනට
ශ‍්‍රී ලංකාවේ පාස්කු පෙන්වන පාස්කු ග‍්‍රාමයන් අතර පිටිපන, දූව, පල්ලන්සේන, පළඟතුරේ, පමුණුගම, නයිනමඩම, කටාන, හලාවත, වාද්දූව, මග්ගොන, හිනිදුම, කිහිපයකි. කතෝලික ජනවන්දනා ක‍්‍රම හා නාඩගම් ශෛල වලින් නිර්මාණය වූ පාස්කුව හා බැඳුණ තවත් කතෝලික නාඩගම් ඇත. ‘රජතුන් කට්ටුව ‘ නාඩගමද එවැන්නකි. මෙම පාස්කු නාට්‍යය අපට උරුම වී ඇත්තේ යුරෝපීය සංස්කෘතියෙනි. පිටිපන පාස්කුවේ එදා තිබූ රූකඩ, සුරුවම් කැසියන් නම් චිත‍්‍ර ශිල්පියා විසින් ඇඳි තිර රෙදි අද පිටිපන දේවස්ථානයේ නැත. ඉන් සමහරක් ප‍්‍රංශයේ කෞතුකාගාරයේ තැම්පත් කර ඇති බව කියැවේ. පිටිපනට අලූත් පාස්කුවක් එක්වන්නේ නම් එය අනිවාර්්‍යයෙන්ම නවතම නිර්මාණයක් විය යුතුය. මෙතෙක් ප‍්‍රදර්ශනය වූ පාස්කු නාට්‍යයන්ට වඩා වෙනස් විය යුතුය. එසේ කියන්නේ පිටිපන සිටින්නේ දක්ෂ නාඩගම් පරම්පරාවලින් පැවත එන දක්ෂතා ඇති කලාකරුවන් වීම නිසයි. ඉදිරි අනාගතයේදී 1965 - 1979 ටත් වඩා වෙනස් පාස්කුවක් දැකීමට හැකිවේවායි පතමින් විරාමය තබමි.
( පිළිෂීයන් ගුරුතුමාගෙන් ලබාගත් තොරතුරු හා පතපොත ඇසුරින් සටහන් තබමි.*

No comments: